Pages

Friday, March 29, 2013

ලොව මුල්තැන ගත් පින්තුර


දුකක් දැනුනද?මෙය ඉතාමත් සංවේදී චයරුපයක් 
බැලු බැල්මටම එය ඉතා කනගාටුදායකයි..
1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා.. 
 

Afghan Girl (1984)

Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා 
 
ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි. 
එය ඊළග වසරේ එම සඟරාවේ මුල්පිටුව සරසා තිබුනා..
ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි.
ඇය නැවත 2010 ගත් ජායාරූපයක්.. 
 

Palestinian Martyr (2000)
තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය 
 
ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා.. 
 
ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්‍රහාරයන් වලින් මිය ගොස් තිබුනා. 
BBC පුවත් සේවයෙන් උපුටා ගෙන ඇත.
 

Tourist Guy (2001)
2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. 
 
පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය වු අතර ජායරූපයේ සිටින පුද්ගලයා Péter Guzli හදුනාගත් අතර මෙය 9/11 සිද්ධිය පිළිබඳ වු හොදම Photoshop ජායාරූපය බවටත් ත්‍යාග දිනාගෙන තිබුනා.. 
 
Burning Monk – The Self- Immolation (1963)
ඔබ බොහෝ විටම මෙය දැක ඇතුවා නිසැකයි.
Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සදහා සිදුවන අකටයුතුකම් වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සදහන් වෙනවා.. 
ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි.
 
The last Jew in Vinnitsa (1941)
Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ.
Tiananmen Square [1989]
ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. 
 
ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ.
 
ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි.
 
Fire on Marlborough Street [1975]
1975 ජුලි 22 මෙම ජායාරූපය ගෙන තිබුනේ Boston Herald American පත්තරයේ ජායාරූප ශිල්පියා වු Stanley J. Forman විසිනි. ගිනි ගැනීමකට ලක්වු Marlborough විදියේ තට්ටු නිවාසයක සිට බිමට පනින Diana Bryant නම් තරුණ කත හා Tiare Jones නැමැති දැරිය ඔහුගේ කාචයේ සටහන් වී තිබුනා. 
 
අනතුරින් Diana Bryant නම් තරුණ කත හා මියගිය අතර දැරියගේ ජිවීතය බේරී තිබුනා. 
මේ ජායාරූපයටද Pulitzer ත්‍යාගය හිමිවී තිබුනා.
 
The Power of One [2007] ශක්තිවන්ත ගැහැනියක් 
 
Pulitzer Breaking News Photography වෙනුවෙන් 2007 තෝරා ගත් මේ පින්තූරය AP (Associated Press) පුවත් සේවයේ Oded Balilty විසින් ගෙන තිබුනේ ගාසා හී වම් ඉවුරේ ඇති අනවසර නිවාස ඉවත් කිරීමට පැමිනෙණ ඊශ්‍රායල හමුදාවන් වැලැක්වීමට තනිව උත්සහ ගන්නා යුදෙව් ජාතික කාන්තාවකයි. 
Reichstag flag [1945]
1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කල සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය 
 
ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි.
 
Nagasaki [1945]
“හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම.. 
 
1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කල දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි.
 
ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්‍රකාශ වේ.
 
Omayra Sánchez [1985]
Nevado del Ruiz ගිනිකන්ද කොලොම්බියාවේ 25,000 අධික පිරිසකට මරු කැදවමින් 1985 නොවැම්බර් 14 පුපුරා ගිය පසුව ඇතිවු ව්‍යසනයෙන් කොන්ක්‍රීට් හා තහඩු වලට යටවී ජලය පිරි ඇති ස්ථානයක දින 03 ක් සිටි මේ 13 හැවිරිදි දැරිය සොයා ගැනීමෙන් පසුව මෙම ජායරූපය Frank Fournier ගෙන ඇත. 

ඊට සුලු මොහොතකට පසුව ඇය මියගොස් තිබුනු අතර මියගිය පසුව මෙම ජායාරූපය ප්‍රසිද්ධියට පත් කර තිබු බැවින් ජායාරූප ශිල්පියාට දැඩි ලෙස විවේචන එල්ල වී තිබුනි. 
Body of Che Guevara [1967 ]

1967 දී චේ අත්අඩංගුවට ගෙන මරා දමා ඔහු මරා දැමු බව අඟවන මේ සමුහ ජායාරූපය ගෙන ඇත්තේ බොලිවියාවේ රහස් ස්ථානයකදීයි. 
 
එහි ජායාරූප ශිල්පියා වුයේ Freddy Alborta විසිනි.

Albert Einstein [1951]
20 සියවසේ මහා බුද්ධිමතකු වන භෞතින විද්‍යාව වෙනසක් කල ඇල්බට් අයින්ස්ටයින්ගේ මෙම පින්තූරය ගෙන ඇත්තේ 1951 මාර්තු 14 වැනිදා Arthur Sasse විසිනි.

මීට අවුරුදු 106 කට පෙර එනම් 1905 දි වයස අවුරුදු 26 ක් වෙච්ච සාමාන්‍ය ලිපිකරුවකු ලෙස රැකියාව කල, ඇල්බට් අයින්ස්ටයින්ගැන වැඩිපුර විස්තර බලන්න එන්න... 


දැකලා තියෙනවා නේද මේ පින්තුරය??

කට්ටිය මොකද කියන්නේ මේක හදපු පින්තුරයක්ද?
නැතිනම් කැමරාවකින් ගත්ත පින්තුරයක්ද?මෙය කැමරාවකින් ගත්ත පින්තුරයක් මෙය මිදී  වගා  කිරීමට පෙර ගන්න ලද්දකි 

The falling man (2001)

 

9/11 නිව්යෝක් ලෝක වෙලඳ මධ්‍යස්ථාන ප්‍රහාරයේදි 107 මහලින් ඉවතට වැටෙන මිනිසා ..


The Kiss (1945)
දෙවන ලෝක යුද්ධය අවසාන කරමින් ජපානය 1945 අගෝස්තු මස 14 වැනිදා ජපානය තම යටත් වීම ප්‍රකාශ කල පසු සතුටට පත්වු නාවික භටයකු විසින් හෙදියක සිපගන්නා මෙම ජායාරූපය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇත. 


 
එය සටහන් ව තිබුනේ එම වේලාවේ ටයිම් චතුරශ්‍ර යේ සිටි Alfred Eisenstaedt ගේ කැමරාවටයි. 
මේ සියල්ලම එළකිරි වෙබ් එකෙන් ගත්තේ 


Friday, March 22, 2013

ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා


 ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා 




බෝවා (Boa) යනු දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල සර්ප විශේෂයකි. බෝවා කොන්ස්ට්‍රික්ටර් හා ඇනකොණ්ඩා බෝවා කුළයට අයත් වන අතර මොවුන් සියල්ලම විෂ රහිත, තම ගොදුරු මිරිකා පොඩිකොට ගිල දමන විශාල සර්ප වර්ගයකි. අප දන්නා පිඹුරාද (python) ගොදුරු මිරිකා ගිලදමන සර්පයෙකු වන නමුත් ඔවුන් ජීවත් වන ප්‍රදේශ හා වර්ගයා බෝ කිරීම අතින් වෙනස්ය. බෝවා වර්ගයේ සර්පයින් ජීවී පැටවුන් බිහිකරන අතර පිඹුරන් බිත්තර දමයි. 


විශාල සර්ප වර්ග 



ටයිටැනබෝවා යනු ටයිටැනික් බෝවා යන්නයි (ටයිටැනික්=අතිවිශාල). ඒ අනුව ටයිටැනබෝවා මීට වසර මිලියන 50කට පමණ පෙර ප්ලෙයෝසීන යුගයේ ජීවත්වුනු බෝවා කුළයට අයත් අතිවිශාල සර්පයෙකි.

අමෙරිකාවේ ප්‍රමුඛතම පර්යේශණ ආයතනයක් වන ස්මිත්සෝනියන් ආයත

  • බෝවා කොන්ස්ට්‍රික්ටර් (Boa constrictor): වාර්තාගත උපරිම දිග අඩි 14ක් පමණ
  • කොළපැහැ ඇනකොණ්ඩා (Green anaconda - Eunectes murinus): වාර්තාගත උපරිම දිග අඩි 20ක් පමණ
  • ආසියාතික පිඹුරා (Asiatic reticulated python-Python reticulatus): වාර්තාගත උපරිම දිග අඩි 23ක් පමණ

අඩි 25ක් පමණ දිගින් යුතු ඇනකොණ්ඩාවන් ගැන වාර්තාවී ඇතත් සාමාන්‍යයෙන් පිලිගන්නා ආකාරයට ලොව දිගින් වැඩිම සර්ප වර්ගය වන්නේ ආසියාතික පිඹුරාය. එහෙත් මහතින් හා ශක්තියෙන් වැඩිම සර්පයා වන්නේ ඇමේසන් වනයේ ඇනකොණ්ඩා වර්ගයයි.
ටයිටැනබෝවානයේ හා ෆ්ලෝරිඩා විශ්වවිශ්‍යාලයේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් 2004 වසරේදී දකුණු ඇමරිකාවේ කොලොම්බියා රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ කරන ලද ගවේශණයකදී ටයිටැනබෝවාගේ ෆොසිල මුල්වරට සොයාගන්නා ලදී.මෙම ෆොසිල සම්බන්ධයෙන් සිදුකල පර්යේශණ වලට අනුව ටයිටැනබෝවාට සිය මුඛය අංශක 180ක් තරම් පලලට විවෘතකල හැකි බව සොයාගැනුනු අතර ඒ අනුව ඔහුට හොඳින් වැඩුනු කිඹුලෙකු එකවර ගිලදැමීමේ හැකියාව ඇතැයි නිගමනය කෙරුණි.


ටයිටැනබෝවා හා ඔවුන්ගේ ගොදුරු බවට පත්වුනු ඩයිරසෝර් කිඹුලා (C) Jason Bourque / University Of Florida 



මෙම සත්වයාගේ විශාලත්වය කොතරම්ද යන්න සිතා ගැනීමට පහත ඡායාරූපය ඔබට උපකාරීවනු ඇත. මෙම ඡායාරූපයේ සිටිනා ජේසන් බර්ක් නම් විද්‍යාඥයා ටයිටැනබෝවා සොයාගත් ගවේශණ චාරිකාවේ සාමාජිකයෙකු වන අත ඔහුගේ දකුණතේ (රූපයේ වම්පස ) ඇත්තේ ටයිටැනබෝවාගේ කශේරුකාවේ එක් ෆොසිලකරණය වූ අස්ථියක් වන අතර ඔහුගේ වම් අතෙහි ඇත්තේ දැනට බරින් වැඩිම, ශක්තිමත්ම සර්පයා වන කොළපැහැති ඇනකොණ්ඩාගේ කශේරුකාවේ අනුරූප අස්ථියයි. අස්ති දෙකෙහි විශාලත්ව වෙනස බැලීමෙන් ටයිටැනබෝවා මොනතරම් විශාල සර්පයෙකු වන්නට ඇතැයිද යන්න ඔබටම සිතාගන්නට පුලුවන් නේද? 


ටයිටැනබෝවා ෆොසිල කශේරුකා අස්ථියක් හා සංසන්දනය කරනවිට දැන් ලොව විශාලම සර්පයා වන ඇනකොණ්ඩාගේ කශේරුකා අස්ථි මොනතරම් කුඩාද?

ටයිටැනබෝවා ෆොසිල සොයාගත් පර්යේශණ චාරිකාව සංවිධානය කල ස්මිත්සෝනියන් ආයතනය ඔවුන්ගේ සුප්‍රසිද්ධ ස්මිත්සෝනියන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ටයිටැනබෝවාගේ ජීවප්‍රමාණ ප්‍රදර්ශණාකෘතියක් නිර්මාණය කොට මහජන ප්‍රදර්ශණයට තබා ඇති අතර ස්මිත්සෝනියන් ආයතනයට අයත් ස්මිත්සෝනියන් චැනල් නම් රූපවාහිනී නාලිකාව මෙම සර්ප විශේෂය ගැන අධ්‍යාපනික වාර්තා චිත්‍රපටයක්ද නිමාණය කොට තිබේ. ටයිටැනබෝවා බරින් ටොන් එකක් පමණ වන්නට ඇතැයි ගණන් බලා ඇත. 


ස්මිත්සෝනියන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ මහජන දැක්මට තබා ඇති ටයිටැනබෝවාගේ ජීවප්‍රමාණ ප්‍රදර්ශණාකෘතිය

චිංචි මානවිකාවිය









යහපත් බිරිඳක සතු ගුණ

අර්ථය කැමැති වූ යහපත කැමැති වූ අනුකම්පක වූ මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි. (කිංකාර පටිස්සාවිනී) කරන්නට අවශ්‍ය දේ විමසයි. (මනාපචාරිනී) මනාප හැසිරීම් වලින් යුතුවෙයි. (පියවාදිනී) පි‍්‍රයවචන කතා කරයි. තම ස්වාමියා කෙරෙහි මෙවැනි පි‍්‍රයමනාප පැවැත්මකින් යුතුවීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්‍රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. එකත්පසෙකින් වාඩිවුණු නකුලමාතා ගෘහපතිනියට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ නකුල මාතාවෙනි, ධර්ම අටකින් යුක්ත ස්ත්‍රිය මරණීන් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදියි. ඒ ධර්ම අට මොනවාද?”

මේ ආකාරයට දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියක මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින ආකාරය දේශනා කොට වදාළා. අපි මෙහිදී මේ නකුල මාතාව යනු කවුදැයි කියා හදුනා ගනිමු. ඇයට “ නකුල” නම් දරුවෙකු සිටි නිසා නකුල අම්මා හෙවත් නකුල මාතාව නම් විය.ඇගේ ස්වාමි පුරුෂයා නකුල පිතා නම් විය.මේ යුවළ සෝතාපන්නවූ ගෞතම බුදු සසුනේ විශ්වාසි කථා ඇති උපාසක උපාසිකාවන් අතර අගතනතුරු ලැබූ යුවළකි. ඉතින් මේ නකුල මාතාව තම සැමියා කෙරෙහි බොහෝම සෙනෙහෙසකින් යුතුව කටයුතු කරමින් දන් පින්කම් කළ කාන්තාවක්. ඉතින් මැය වැනි උතුම් කාන්තාවකට මැනැවින් ගැළපෙන දේශනයක් වශයෙන්ද මේ සූත්‍රය හැදින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ “ධර්ම අටකින් යුතු ස්ත්‍රිය මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින” බව වදාළ සේක. මේ “ මනාපකායික දෙවිවරුන්” නම් කවුරුන්ද? අනුරුද්ධමනාපකායික සූත්‍රයේ සඳහන් වන ආකාරයට මනාපකායික දෙවිවරු තුන් තැනක ඉසුරු කරයි. වංශයෙහි පවත්වයි. ඒවා නම් යම්බදු වර්ණයක්, යම්බදු ස්වරයක්, යම්බදු සැපයක් කැමැති නම් එබඳු වර්ණය, එබඳු ස්වරය, එබඳු සැපය සැණෙකින් ම ලබති. ඔවුහු කැමැති නම් නිල්වන්නට එවිට නිල්පාට වෙති. රතු වන්නට කැමැති විට රතු පාට වේ.මෙලෙස මනාප මනාප ආකාරයට සිටීමේ හැකියාව මනාපකායික දේවතාවන්ට ඇත.

මීළඟට අපි බුදුරදුන් වදාළ එම ධර්ම අට මොනවා දැයි වෙන වෙනම විමසා බලමු. අර්ථය කැමැති වූ යහපත කැමැති වූ අනුකම්පක වූ මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි. (කිංකාර පටිස්සාවිනී) කරන්නට අවශ්‍ය දේ විමසයි. (මනාපචාරිනී) මනාප හැසිරීම් වලින් යුතුවෙයි. (පියවාදිනී) පි‍්‍රයවචන කතා කරයි. තම ස්වාමියා කෙරෙහි මෙවැනි පි‍්‍රයමනාප පැවැත්මකින් යුතුවීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණයි.

මෙම ගුණධර්මය ඇති බිරිය තම ස්වාමියා කෙරෙහි ගෞරවනීය ස්නේහවන්තකමක් ඇති උතුම් බිරිය කි. ආදරණීය ස්වාමියෙක් දහඩිය හෙළා ධනය උපයන්නේ තම බිරිය වෙනුවෙනි. ඇගේ ජීවිතය සුන්දර කර දීමටය. ඔහු තම මිතුරන් සමඟ ඇගේ ගුණ කියන්නේ ඈ කෙරෙහි වන භක්තියෙනි. එබැවින් උතුම් බිරියක විසින් තම සැමියාට දෙවියෙකුට මෙන් සැලකිය යුතුය. උතුම් බිරිය තම සැමියාට අම්මා කෙනෙකු මෙනි.අම්මා කෙනෙක් විඩාවට පත්වූ තම දරුවාට සංග්‍රහ කොට විඩා නිවයි. තම දරුවා කැමැති කැමැති ආහාරපාන සකස් කර දෙයි. දරුවන් නින්දට ගිය පසු නින්දට යන ඇය දරුවන්ට පෙර අවදි වී මුලුතැන්ගෙට ගොස් පසු දා ආහාරය සකසා දෙයි.මෙසේ කටයුතු කරන බිරිය කෙරෙහි සැමියාගේ සිතේ අම්මා කෙරෙහි මෙන් සෙනෙහසක් ගෞරවයක් උපදියි.

ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන දෙවන කරුණ මෙසේය. යහපත් බිරිඳ ස්වාමියාගේ මවට, පියාට, ඔහු ගරු කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට (සක්කරොති) සත්කාර කරයි. (ගරුකරොති) ගරු කරයි, (මානෙති) බුහුමන් කරයි. (පූජෙති) පුදයි. එපමණක් නොව ඇය ආගන්තුකයන් පැමිණි විට ඔවුන්ට (ආසනොදකෙන පටිපූජෙති) වාඩි වෙන්නට ආසන දෙයි. පැන්දෙයි. මෙසේ ආගන්තුකයන්ට වාඩිවෙන්නට ආසන දීම හා පැන් දීම ඔවුන් පිදීමකි.

ඇය දැරියක වශයෙන් කුඩා කාලයේ මවුපියන් සමග ගත කරන කාලයේ බෙහෙවින් සියුමැලිය. එහෙත් ඇය විවාහ වී පතිකුලයට පැමිණිදා සිට වගකීම් විශාල ප්‍රමාණයක් ඇත්තියක් බවට පත්වන්නීය. විවාහ වූ ඇය ගෘහණියකි. ගෘහණියක ලෙස තම සැමියාගේ දෙමව්පියන්ට, ඥාතීන්ට , හිත මිතුරන්ට, ඔහු ගෞරව කරන පූජණීය උතුමන්ට ඉටු කළ යුතු බොහෝ යුතුකම් වේ.ඇතැම් විට තම සැමියාගේ පැරැණි සේවකයන් බිරියට නුරුස්සනවා විය හැකිය. එවිට ඔවුන් කෙසේ හෝ සේවයෙන් පහකිරීම නොකළ යුතුය. අසරණ භාවයට පත්වන එම තැනැත්තාට වන කලදසාව ගැන ද කල්පනා කළ යුතුය. ඇතැම් විට එවැනි අවස්ථාවකදී තම සැමියාගේ සියලු ව්‍යාපාර ආදිය අඩපණවීමට ද ඉඩ තිබේ. එවිට ද සැමියා බිරිය කෙරෙහි දක්වන සෙනෙහස ද අඩුවෙනු ඇත. එබැවින් බිරිය ඔවුන් කෙරෙහි මහත් සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් සංග්‍රහ කළ යුතුය. තවද ස්ත්‍රියක විවාහවීමත් සමගම තමන්ට සිටි මවුපියන් සිවුමාපියන් බවට පත් වෙති. එවිට ඇය තමන්ගේ දෙමවුපියන්ගේ මෙන්ම ඔහුගේ දෙමවුපියන්ගේ කටයුතුද මැනැවින් සොයාබලා කළ යුතුය. ඔවුන් තම දෙමවුපියන් නොවූවද තම ආදරණීය ස්වාමියාගේ දෙමවුපියන්ය. මෙලෙස ස්වාමියා ගරු කරන සංග්‍රහ කරන අයට ගරු සත්කාර සංග්‍රහ කිරීමෙන් ඔහුගේ ආදරය දිනා ගැනීමට හැකිවේ.

මීළඟට යහපත් බිරියක විසින් සැමියාගේ එළු ලොම් හෝ කපු හෝ යම් ඒ ඇතුළත ඇති කර්මාන්තයන්හි දක්‍ෂ වී කම්මැලි නොවී උපාය පරීක්‍ෂාවෙන් යුතුව කිරීමට හා සංවිධානය කිරීමට හැකි තැනැත්තියක බවට පත්වීම තුන්වන ගුණය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. යහපත් බිරියක තුළ තිබිය යුතු මෙම උතුම් ගුණය සැබැවින්ම නකුල මාතාව තුළ විය. ඒ බව ඇය තම ස්වාමියා රෝගීව සිටින අවස්ථාවක ඔහුට මතක් කර දීමෙන් පැහැදිලි වෙයි. එනම් මේ උතුම් නකුල මාතාවගේ සැමියා වන නකුල පියා එක් අවස්ථාවක රෝගී වෙයි. ඔහු බෙහෙතින් සුවපත් කරන්නට නොහැකි වූ ඇය යම් හෙයකින් නකුල පියා මිය යන විට අපේක්‍ෂා සහිතව මිය යාමට සිදුවුවහොත් එය ඔහුට අනර්ථයක් අයහපතක් වේ යැයි සිතා අවවාද කරන්නට වූවාය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ සිත අපේක්‍ෂා රහිත වීමට ඔවදන් දෙන ඇය “ ගෘහපතිය , ඔබට නකුල මාතා ගෘහපතිනිය මගේ ඇවෑමෙන් පස්සේ දරුවන් පෝෂණය කරන්නට ගෘහවාසය පවත්වන්නට නොහැකි වේ කියා හිතෙන්නට පුළුවනි. ගෘහපතිය, එය එසේ නොදැකිය යුතුය. ගෘහපතිය, මම කපු කැටීමට ද එළුලොම් වෙළුනෙළීමටද දක්‍ෂ කෙනෙක්මි. ගෘහපතිය මම ඔබේ ඇවෑමෙන් පසුව දරුවන් පෝෂණය කරන්න ගෘහවාසය පවත්වන්නට පුළුවනි. ගෘහපතිය, ඒ නිසා ඔබ මේ කාරණයෙහි අපේක්‍ෂා ඇතිව කලුරිය කරන්නට එපා “ යනාදි වශයෙන් අවවාද දුන්නාය. එබැවින් මේ ගුණය උතුම් බිරියකගේ ලක්‍ෂණයකි.

මීළඟට උතුම් බිරිය සැමියාගේ දාසයන්, පණිවිඩකරුවන්, කම්කරුවන් යනාදි අය කළ වැඩ දනියි. නොකළ වැඩ ගැනත් දනියි. ලෙඩවුණු අයගේ ශක්තියත් දුර්වල බවත් දනියි. අනුභව කළ යුතු දේවල් කොටස් වශයෙන් ඒ අයට මනාව බෙදාදෙයි. මෙයත් බිරියක තුළ තිබිය යුතු උතුම් ගුණයකි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් සැමියාගේ දාසයන්, කම්කරුවන් උද්යෝගීමත්ව කටයුතු කරනු ඇත.සේවකයන් ගැන සොයා බැලීමෙන් හා ඔවුන්ට මැනැවින් සංග්‍රහ කිරීමෙන් තම පවුලට අයත් ආදායම් මාර්ග ඉතා හොඳින් දියුණු කරගත හැකිවන අතර එය සැමියාටද මහත් පහසුවක් වේ.

සැමියා උපයන ධනය හෝ ධාන්‍ය හෝ රිදී හෝ රන් හෝ යමක් ගෙන එයි ද එය මනාව ආරක්‍ෂාවෙන් පාලනයෙන් සැපයීම කළ යුතු අතර එහි දූර්ත වීම සොරකම් කිරීම නොකළ යුතුවේ.

තවද එම උපයන ධනයට ලොල් නොවිය යුතුය. විනාශ නොකළ යුතුය. ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පස්වන කරුණ මෙයයි. ධනය ඇත්තේ වියදම් කිරීමට මිස ළඟ තබා ගෙන සිටීමට නොවන බව සැබෑය. එහෙත් යම් බිරියක් උපයන සියලුම ධනය නිකරුණේ වියදම් කරයිද ඇය නිවසේ දියුණුව වළක්වයි.

සැමියා උපයන සියලුම ධනය වියදම් කිරීමට සුදුසු මාතෘකා සොයා ගැනීම අපහසු නැත. එහෙත් බිරියක වශයෙන් තම සැමියා ගැන මානුෂීයව හා සෙනෙහසින් යුතුව සිතාබලා ඔහු උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නටත් පවුලේ යහපතටත් වෙන් කළ යුතුය. තවද උතුම් ස්ති‍්‍රය බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝයා යන තෙරුවන සරණගිය උපාසිකාවක් බවට පත්වෙයි. මේ තෙරුවන් සරණයෑම ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන හයවන කරුණයි.

බුදුරජාණන් වහන්සේ වදාළ හත්වන කරුණ වන්නේ පස් පවින් වැළකී සිල්වත් වීමයි. අටවන කරුණ වන්නේ ස්ත්‍රිය ත්‍යාගවන්තියක වීමයි. අතහැරීමටම වෙන්වුණු දීමටම සූදානම් වූ දන් දීමෙහි ඇලුණූ ඉල්ලීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇලුණු ඉවත් වූ මසුරුමල ඇති සිතින් යුතුව ගිහිගෙහි වාසය කිරීමයි.

මේ ආකාරයට උතුම් ස්ත්‍රිය තෙරුවන් සරණගිය සිල්වත් වූ දන් දෙන සුළු උපාසිකාවකි. මෙම ධර්ම අටෙන් සමන්විත ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර උපදින බව බුදුරජාණන් වහන්සේ වදාළහ. අනතුරුව උන්වහන්සේ ගාථා හතරක්ද වදාළහ. යම් කෙනෙක් හැමදා නිතර වීර්ය ඇතිව උත්සාහවත් වී ඒ ස්ත්‍රිය පෝෂණය කරයිද කැමැති සියලු දෑ දෙන පෝෂණය කරන ඒ ස්වාමි පුරුෂයාට අවමන් නොකළ යුතුය. පණ්ඩිත වූ යහපත් වූ ස්ත්‍රිය සැමියා ඊර්ෂ්‍යා කිරීමෙන් කෝප නොකරයි. සැමියාගේ ගරු කටයුතු සියලු දෙනා පුදයි. නැගී සිටීමේ වීර්ය ඇතිව කම්මැලි නොවූ ඇය පිරිවරට සංග්‍රහ කොට සැමියාට මනාපව හැසිරෙයි. සපයා ගත් ධනය ආරක්‍ෂා කරයි.

යම් ස්ත්‍රියක් මෙලෙස සැමියාට පවතියිද සැමියාගේ කැමැත්ත අනුව කටයුතු කරන ඇය මනාපකායික නම් දෙවියන් අතර උපදියි.

මේ ආකාරයට උතුම් බිරියක් වශයෙන් කටයුතු කරන යහපත් තැනැත්තියට මෙලොව යහපතත් පරලොවදි මනාපකායික දෙවියන් අතර උපත ලබා තමාට මනාප අයුරින් වාසය කිරීමටත් අවස්ථාව භාග්‍යය උදාවේ.

ගුරුත්වාකර්ෂනය


ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....ඔබ දන්නවද? 






Thursday, March 21, 2013

සුන්දර නුවරඑළිය




































ලෝකාන්තයේ සුන්දරත්වය



 

හොර්ටන් තැන්නේ සුන්දර ඡායාරූප කිහිපයක්..














කුඩා ලෝකාන්තය..







ලෝකාන්තය.



බේකර්ස් ඇල්ල.. මේකේ වතුර ටිකක් අඩුවෙලා...







වෑන් එක ලඟටම ගෝනෙක් ආවා.